කොරෝනා නිසා ඉතාලියේදී මියගිය ලාංකිකයින් ගණන ඉහළ යයි

කොරෝනා නිසා ඉතාලියේදී මියගිය ලාංකිකයින් ගණන ඉහළ යයි
කොරෝනා නිසා ඉතාලියේදී මියගිය ලාංකිකයින් ගණන 06ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙයි.
 
ඒ ඉතාලියේ මිලාන් නුවර ජීවත්වූ තවත් ලාංකිකයෙක් කොවිඩ් රෝගී තත්ත්වය උස්සන්න වීමෙන් මිලාන්හි සැන් කාර්ලෝ රෝහලේදී පසුගිය 21 වෙනි දින මරණයට පත්විමත් සමඟයි.
 
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කලක සිට  ඉතාලියේ ජීවත්වන මිලාන් හි බරන්සාතේ ප්‍රදේශයේ රැකියාවක නිරතවූ 52  හැවිරිදි දේවින්ද ප්‍රනාන්දු යන අයයි.
 
ඔහු මීට සතියකට පමණ පෙර කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් සැන් කාර්ලෝ රෝහලට ඇතුළත්කර තිබෙන අතර රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ගනිමින් සිටියදී මෙලෙස මරණයට පත්ව තිබේ.
 
ඔහු මෙරට මීගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බවත් සඳහන්.