ගුරු සේවයට අලුතින් පත්වීම් රැසක් -බඳවා ගැනීම් ඉදිරි සති දෙක ඇතුළත

ගුරු සේවයට අලුතින් පත්වීම් රැසක් -බඳවා ගැනීම් ඉදිරි සති දෙක ඇතුළත

විද්‍යාපීඨවලින් පිට වූ 3772 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම ඉදිරි දෙසතිය ඇතුළත සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එහි අතිරේක ලේකම් පී.කේ.එස්. සුබෝධිකා මහත්මිය සඳහන් කළේ ඔවුන්ගේ පත්වීම් ලිපි තැපැල් මගින් නිවසට යොමු කරන බවයි.

එම පත්වීම් ලිපි ලබන 11 වැනි දා ආරම්භ වන නව පාසල් වාරයට පෙර විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් අතට පත් කිරීමට සැලසුම් කර තිබේ.

බඳවා ගන්නා පිරිසෙන් 1000 ක් ජාතික පාසල් වෙත යොමු කෙරෙන අතර සෙසු පිරිස පළාත් සභා පාසල් වෙත යොමු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

පත්වීම් ලබා දෙන පාසල විද්‍යා පීඨවලට බැඳුණු දිස්ත්‍රික්කය හා විද්‍යාපීඨ අවසන් විභාගයෙන් ලත් අවසන් ලකුණු මත සිදු කෙරෙනු ඇති.