![කර්මාන්තශාලාවක බොයිලේරුවක් පිපිරී ඉන්දීය කම්කරුවෙක් මරුට](/images/2021/01/04/Death_large.jpg)
කොටදෙණියාවේ පිහිටා ඇති අබලි යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මියගොස් තිබේ. මෙම ඉන්දීය ජාතිකයා කලක සිට එම කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිට තිබේ.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ එම අනතුරෙන් තවත් ඉන්දීය සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.