ඉල්ලා අස්වීමට ගත් තීන්දුව යළි සලකා බලන්න: වෛද්‍ය ආනන්ද විජේවික්‍රමට ඉල්ලීමක්

dr-ananda-wijewickrama

කොවිඩ් රෝග මර්ධන පිළිබඳ සායනික කමිටුවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය නැවත සලකා බලන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඊයේ දින (07) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ වෛද්‍ය විජේවික්‍රම මහතා සිය තීරණය නැවත සලකා බැලීම වඩා උචිත බවයි.

“කොවිඩ් -19 වසංගතයට එරෙහි සටනේදී මෙරට තුළ බෙහෙවින් සහයෝගය දුන් සහ උපදෙස් දුන් ප්‍රධාන වෛද්‍ය වෘත්තිකයෙකු වන්නේ විශේෂඥ වෛද්‍ය විජේවික්‍රම මහතායි. ඔහු ඉවත් වීමට ගත් තීරණය COVID-19 තුරන් කිරීමේ ඉදිරි ගමනට අහිතකර ලෙස බලපානු ඇති” වෛද්‍ය හේරත් අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ඔහු පැවසුවේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ තීරණය ඔහුගේ පෞද්ගලික තීරණයක් බැවින් ඔවුන් එයට ගරු කරන බවයි.