බදු මත පදනම් වූ විශ්‍රාම වැටුපක් එයිද?

බදු මත පදනම් වූ විශ්‍රාම වැටුපක් එයිද?
බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජයේ අවධානය යොමුවී ඇති බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසා තිබේ.
 
සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් මෙය හඳුන්වාදීමට පියවර ගන්නා බව ඔහු සඳහන් කර ඇත.
 
එක් පසෙකින් පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් මුදල් ඉතිරි කර  ගැනීමත්, අනෙක් පසින් සුබසාධන අවශ්‍යතාවක් සලකා මෙම ක්‍රියාමාර්ගය ගැනීම පිළිබඳ රජයේ අවධානය යොමුව ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.