ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් දින 03කට අගුළු වැටෙයි

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් දින 03කට අගුළු වැටෙයි
කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නගරය දින තුනක කාලයක් සඳහා සම්පුර්ණයෙන් වසා තැබීමට තීරණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
මෙම තීරණය සමඟ 29 එනම් අද පස්වරු 05.00 සිට ඉදිරි දින තුනක් සඳහා බ්‍රිස්බෙන් නගරය මෙලෙස සම්පුර්ණයෙන් වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කරනු ඇත.
 
පසුගියදා බ්‍රිස්බෙන් නගරයෙන් කොරෝනා ආසාදිතයින් 07ක් හමුවීමත් සමඟ නගරය සම්පූර්ණයෙන්ම අගුළු දැමීමට තීරණයකර තිබෙන අතර නගරයේ ලක්ෂ 20ක අධික දෙස් විදෙස් පුද්ගලයින් ජීවත්වෙන හෙයින් කොරෝනා ව්‍යාප්ත්වීමේ අවදානම සැලකිල්ලට ගෙන මෙලෙස නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබේ.