කටාරයේ කොවිඩ් 19 ආශ්‍රිත සීමාවන් යළිත් අකුරට

කටාරයේ කොවිඩ් 19 ආශ්‍රිත සීමාවන් යළිත් අකුරට
කටාරයේ කොවිඩ් 19 ආශ්‍රිත සීමාවන් යළිත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවට විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එක්සත් රාජධානියේ වෛරසයේ ප්‍රභේදය COVID-19 ගල්ෆ් රට තුළ ව්‍යාප්ත වීමත් සමඟ මෙලෙස නව නීති හඳුන්වා දීමට කටයුතු කර තිබෙන අතර ඒවා සිකුරාදා සිට කටාරය තුළ බලාත්මක වන බවත් සඳහන්.
 
එහිදී අධ්‍යාපනය, විවේකය සහ ව්‍යාපාරික කටයුතු ආදියත් ව්‍යායාම ශාලා වසා දැමීම මෙන්ම අවන්හල් ධාරිතාව සීමා කිරීම ඇතුළු කොරෝනා වෛරස් ආශ්‍රිත සීමාවන් මාලාවක් ප්‍රකාශයට පත්කර ඇත.
 

නව COVID-19 ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යාමක් රට තුළ පෙනෙන්නට තිබීමත්  අලුතින් හඳුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වීමත් නිසා කොවිඩ් නීති ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කළ බවයි කටාර් මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ. 

ව්‍යායාම සිදුකරන ස්ථාන මෙන්ම පිහිනුම් තටාක,ජල උද්‍යාන සහ ස්පා ද නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට කටයුතු කර ඇත.

මෙම නව නීති මත ක්‍රීඩාංගන සහ පොදු ස්ථානවල ඇති ව්‍යායාම කරන ස්ථාන, වෙරළ සීමාව වෙරළ තිරණය වසා දැමෙනු ඇත.

තවද එකම නිවසක ජීවත් නොවන්නේ නම් පස් දෙනෙකුට වඩා එළිමහන් ප්‍රදේශවල රැස්වීමට අවසර නොලැබේ.පොදු කෞතුකාගාර හා පුස්තකාලවලට ඇතුළුවීම  30% කට සීමා කෙරෙන අතර ගෘහස්ථ අවන්හල්වලට අසුන් ගත හැක්කේ ඒවායේ ධාරිතාවෙන් 15% ක් පමණි.

සිනමාහල්  20% ක ධාරිතාවයකින් ක්‍රියාත්මක වන අතර වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට සාප්පු සංකීර්ණවල ඉඩ නොදේ. වැඩිදුර දැනුම් දෙන තුරු ඕනෑම ගෘහස්ථ සමාජ රැස්වීම් තහනම් කරනු ලැබේ. විවාහ මංගල්‍යයන්ද සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබේ.

සේවා ස්ථාන 80% කට වඩා වැඩි ධාරිතාවයකින් තොරව දිගටම ක්‍රියාත්මක වන අතර පෞද්ගලික පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතන නැවතත් මාර්ගගත ඉගැන්වීම් වෙත මාරු විය යුතුය.