ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය දින 05ක් අඟුළු දමයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය දින 05ක් අඟුළු දමයි
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය දින පහක කාලයක් අගුළු දැමීමට එරට රජය තීරණය කර තිබේ.
 
මෙලෙස ප්‍රාන්තය අගුළු දැමීමේ තීරණයත් සමඟ වික්ටෝරියා බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානා අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.
 
මෙම තීරණය සම්බන්ධයෙන් අදහන් දක්වමින් වික්ටෝරියාහි මහ ඇමති ඩැනියල් ඇන්ඩෘස් ප්‍රකාශ කර ඇත්තේ මෙ වනවිටත් ප්‍රාන්තයට සංචාරය ආරම්භකර ඇති මගීන් 100කට වඩා වැඩි ප්‍රමාණයක් රැගෙන  යන ගුවන් යානා හැරෙන්නට බ්‍රහස්පතින්දා තෙක් කිසිදු යානයකට වික්ටෝරියා වෙත පියාසර කිරීමට ඉඩ ප්‍රස්ථාවක් නොවෙන බවයි.