රුමේනියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් කොරෝනා ආසාදිතයින් 10ක් මරුට

රුමේනියාවේ රෝහලක ඇතිවූ ගින්නකින් කොරෝනා ආසාදිතයින් 10ක් මරුට

රුමේනියාවේ කොවිඩ් -19 රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

එරට රජයේ රෝහලක දැඩිසත්කාර ඒකකයේ අදාළ ගින්න හටගෙන ඇති අතර වෛද්‍යවරටයකු ද අදාළ ගින්නෙන් බරපතල පිලිස්සුම් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පුද්ගලයින් සියලුදෙනා කොවිඩ් -19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි අය බව වාර්තා වෙයි.

සිද්ධියෙන් පසු ප්‍රතිකාර ලැබූ සෙසු රෝගීන් වෙනත් රෝහලක් වෙත මාරුකර යවා තිබේ.