ඔස්ට්‍රේලියාවේ නැවතත් කොවිඩ් අවදානමක්

ඔස්ට්‍රේලියාවේ නැවතත් කොවිඩ් අවදානමක්

දකුණු ඔස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් 18 දෙනෙක් හඳුනාගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් එම ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ "අපි භයානක තත්ත්වයකට" මුහුණදෙන බවය.

පසුගිය අප්‍රේල් මාසයෙන් පසු එම ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් හමුවී ඇත්තේ පළමුවරට ය.

නව ආසාදන 18න 13ක් නිරෝධායනය සඳහා භාවිත කළ හෝටලයක සේවකයෙකුට සම්බන්ධ බව හෙළිවී ඇත. ඔහු ගෙන් වෛරසය වෙනත් පවුලකට බෝවී තිබේ.

එම හේතුවෙන් ප්‍රාන්තය පුරා ආසාදිතයින් හඳුනාගැනීමේ පරීක්ෂණ වැඩිකර ඇති අතර නව සංචරණ සීමා ද හඳුන්වා දී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිර ගිය දෙවැනි රැල්ල සාර්ථකව පාලනය කර ගැනීමට එරට සමත්විය.

එම ප්‍රාන්තයේ අගනගරය වූ මෙල්බර්න් නගරය මාස 4ක් පමණ දැඩි සංචරණ සීමාවන්ට ලක්කළ අතර එය ලිහිල් කළේ පසුගිය මාසයේදීය.