සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් යුරෝපය නොසන්සුම් -13 මරුට

සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් යුරෝපය නොසන්සුම් -13 මරුට

යුරෝපයේ රටවල් රැසකට බලපා ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් කැලඹිලි සහගත තත්ත්වයක් උද්ගතව තිබෙන අතර මේ වනවිට 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් විදෙස් පුවත් වාර්තා කරයි.

පසුගිය බ්‍රහස්පතින්දා දින ප්‍රචණ්ඩ ගිගුරුම් සහිත වැසි සහ සුළි සුළං හේතුවෙන් ප්‍රංශයේ සහ ඉතාලියේ අවම වශයෙන් අටදෙනෙකු මරණයට පත්ව තිබෙන අතර ටස්කනි සහ ප්‍රංශ දූපතක් වන කෝර්සිකාහි විශාල ගස් උදුරා වැටීම නිසා දේපළ හානි රැසක්ද සිදුව තිබෙන බව සඳහන්.

ප්‍රංශයේ හටගත් සුළි කුණාටු තත්ත්වය සමහර ප්‍රදේශවල පැයට කිලෝමීටර් 220 (පැයට සැතපුම් 136) ඉක්මවූ සුළි සුළං ඇති කළ බව ජාතික කාලගුණ ඒජන්සිය වන Meteo France පුද්ගලයන් 6 දෙනෙකු මරණයට පත්ව තිබේ.එමෙන්ම Corsica හි නිවාස 45,000 කට පමණ විදුලිය විසන්ධි වීමක්ද සිදුව තිබෙන අතර පුද්ගලයින් විශාල ප්‍රමාණයක් අවතැන් වීමත් තුවාල ලබා ඇති අතර 12 දෙනෙකු Corsica හි රෝහල් ගත කර ඇති අතර, එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවත් වාර්තා වේ.