සෞදි කාන්තාවන් 31ක් දුම්රිය ධාවනයට එක්වෙයි

සෞදි කාන්තාවන් 31ක් දුම්රිය ධාවනයට එක්වෙයි
සෞදි කාන්තාවන් 31 දෙනෙකු දුම්රිය රියදුරන් ලෙස ඔවුන්ගේ පුහුණුවේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු මක්කම සහ මදීනා අතර අධිවේගී දුම්රිය ධාවනය සඳහා යොදවා තිබේ.
 
කාන්තාවන් සඳහා දුම්රිය රියදුරු තනතුරු රැකියා අවස්ථා ඇතැයි ප්‍රකාශයට පත් කළ විගසම කාන්තාවන් 28,000 ක් ඒ් සඳහා ඉල්ලුම් කර තිබුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි.
 
අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම දුම්රිය කිලෝමීටර් 450 ක දුරක්, පැයට කිලෝමීටර 300 ක වේගයකින් යුතුව ධාවනය වෙයි.
 
ආගමික සංචාරක සහ එදිනෙදා සංචාර සඳහා මක්කම සහ මදීනාව අතර පහසුවෙන් සහ අඩුකාලයකින් යුතුව ගමන් කිරීම උදෙසා මෙම විශේෂ දුම්රිය යොදවා තිබේ.
 

හර්මේන් අධිවේගී දුම්රිය දැනට මක්කා, ජෙඩා, කේඒඊසී සහ මදීනා යන දුම්රිය ස්ථාන වල නවත්වනු ඇති අතර ඉදිරි වසර කිහිපය තුළ තවත් කාන්තා රියදුරන් දුම්රිය ධාවනයට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.