ඉතාලියේ කේබල් කාර් අනතුරක් -14ක් මරුට

ඉතාලියේ කේබල් කාර් අනතුරක් -14ක් මරුට
ඉතාලියේ කේබල් කාර් අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
උතුරුදිග ඉතාලියේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයක් සහ මැජියෝරේ විල සම්බන්ධ කරමින් ඉදිකර තිබූ කේබල් කාර් රථ මාර්ගයක මෙම අනතුර සිදුව තිබූ අතර කඳුකරය හරහා ගමන් කරමින් තිබූ කේබල් කාර් රථයක් එම රැහැනින් මිඳි මීටර් 20ක් පමණ පහළින් පිහිටි භූමියකට ඇද වැටී අනතුර සිදුව තිබේ.
 

මියගිය අය අතර ඊශ්‍රායෙල් ජාතිකයන් 05 දෙනෙකු ද වන බව ඊශ්‍රායෙල් විදේශ අමාත්‍යංශය  තහවුරු කර ඇත.

අනතුරෙන් කුඩා දරුවෙකුද මරණයට පත්ව ඇති අතර තවත් දරුවන් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇත. ඔවුන් බරපතළ තුවාල ලබා තිබීම හේතුවෙන් කඩිනමින් රෝහල්ගත කළ බවයි විදෙස් පුවත් සේවා සඳහන් කරන්නේ.