නාය අනතුරකින් ඉන්දියාවේ 19ක් මරු දකී

නාය අනතුරකින් ඉන්දියාවේ 19ක් මරු දකී

ඉන්දියාවේ ඊසාන දිග ප්‍රදේශයේ නාය අනතුරකින් 19 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

තවත් පුද්ගලයින් රැසක් අතුරුදන් බවයි වාර්තා වන්නේ. නාය අනතුර සිදුව ඇත්තේ ඉන්දියාවේ මනිපූර්හි දුම්රිය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක ප්‍රදේශයකයි.

200කට අධික සහන සේවකයින් පිරිසක් මේ වනවිටත් මෙහෙයුම්වල නිරතව සිටිනවා. ඔවුන් පවසන්නේ අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් විපතට පත්වූවන් බේරා ගැනීම දුෂ්කර වී ඇති බවයි. 

තුවාල ලැබූ 18 දෙනෙකු සොයා ගෙන ඇති අතර එම පිරිස තවත් වැඩිවිය හැකි බව ආරක්‍ෂක අංශ පවසනවා.