විදෙස් ශ්‍රමිකයින් රැසක් ඕමානය හැර යයි

විදෙස් ශ්‍රමිකයින් රැසක් ඕමානය හැර යයි
ඕමාන් රාජ්‍යයේ සේවය කරන විදේශික ශ්‍රමිකයින් ප්‍රමාණය පසුගිය කාල සීමාව තුළ සැලකියයුතු මට්ටමකින් අඩුවී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඒ අනුව 2020 ඔක්තෝබර් මාසය අවසන්වනවිට එරට සේවය කරන විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රමාණය මිලියන 1.44ක් දක්වා අඩුවී තිබෙන අතරම එම සඛ්‍යාව පසුගිය වසර (2019) සමඟ සංසන්දනය කිරීමේදී 17 %කින් අඩුවීමක් බව සඳහන්.
 
එමෙන්ම මේවනවිට තවත් විදේශිකයින් 7,689ක පිරිසක් ඕමානයෙන් පිටවීම සඳහා අවසර ඉල්ලා ඇති බවත් එරට රාජ්‍ය කම්කරු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
 
තවද රැකියා බලපත්‍ර නොමැති හා රැකියා බලපත්‍ර අවලගු කළ පුද්ගලයින්ද ඕමානයෙන් පිටවෙන පිරිස අතර වෙයි.

 

වැඩබිම