කොරෝනා පාලනයට ජර්මනියේ සීමා පැනවීම් ජනවාරි දක්වා දිගු කෙරේ

කොරෝනා පාලනයට ජර්මනියේ සීමා පැනවීම් ජනවාරි දක්වා දිගු කෙරේ

කොරෝනා වෛරසය හේතුවෙන් ජර්මනිය තුළ පනවා ඇති සීමාකිරීම් ලබන ජනවාරි මස 10වනදා  දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය නායකයින් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව අදාළ තීරණය ගෙන තිබෙන අතර ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මේ බව  පසුව නිවේදය කර තිබෙන බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ.

අදවනවිට කොරෝනා වෛරසය ජර්මනිය තුළ ව්‍යාප්තවීම පාලනය කිරිමේ ක්‍රියාමාර්ගයක් ලෙස හෝටල් හා අවන්හල් වසා දැමීමට ද එරට රජය කටයුතු කර තිබේ.

එමෙන්ම මහජන කටයුතුවලදී ජනතාව එක්රැස්වීම සඳහා සීමාවන් පනවා තිබේ. මෙම සියලු සීමාවන් දෙසැම්බර් මස 20 වැනි දිනෙන් අවසන්වීමට නියමිතව තිබෙන අතර, එම සීමාවන් අවසන්වීමට පෙර බලධාරීන් විසින් නැවත සීමාවන් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.