ඊශ්‍රායලය සති 3ක් අඟුළු වැටෙන ලකුණු -ඇඳිරි නීතිය ගැන අලුත්ම නිවේදනය මෙන්න!

ඊශ්‍රායලය සති 3ක් අඟුළු වැටෙන ලකුණු -ඇඳිරි නීතිය ගැන අලුත්ම නිවේදනය මෙන්න!

ඊශ්‍රායලය තුළ කොරෝනා වෛරසය ආසාදිතයින් දිනෙන් දින ඉහළ යාම සැලකිල්ලට ගනිමින් Hanukkah නිවාඩු කාලය තුළ හා ජනවාරි මස 02 වෙනි දින දක්වා රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම සඳහා එරට ඇමතිවරු සිය අනුමැතිය ලබා දී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා  කරයි.

මෙම සති තුනක ඇඳිරි නීතිය Hanukkah නිවාඩුවට  (දෙසැම්බර් 10) දිනකට පෙර එනම් එලැඹෙන බඳාදා දින සිට ක්‍රියාත්මකවන බවත් සඳහන්.

අමාත්‍ය මණ්ඩලයේ තීරණයට අනුව වෙළඳසැල් සහ එළිමහන් වෙළඳපොලවල් විවෘතව තැබීම සඳහා දැනට අනුමැතිය ලබා දී ඇත.

ඇඳිරි නීතිය සවස් කාලයේ 6.00ට හෝ 7.00ට ආරම්භවන අතර එය පසුදා උදේ 05.00 හෝ 06.00ට අවසන් වේ.

එම කාලය තුළ ඊශ්‍රායලයේ සිටින සියලුම දෙනා තම නිවෙස්වලින් පිටතට යාමෙන් වැලකී සිටින ලෙසයි දැනුම්දී ඇත්තේ.

කෙසේ නමුත් දෙසැම්බර් 20 වනවිටත් ආසාදිතයින් හමුවීමේ අගය පහල අගයක් නොගනී නම් හෝ දිනකට හමුවෙන ආසාදිතයින් ගණන 3,500කට වඩා ඉහළ යන්නේ නම් සැලකිය යුතු ලෙස සීමාවන් දැඩි කිරීමත්, වෙළෙඳසැල් වසා දැමීමටත් කටයුතු කරන බවයි අමාත්‍ය මණ්ඩලය ප්‍රකාශකර ඇත්තේ.

එමෙන්ම ඊශ්‍රායලය තුළ කොරෝනා මර්දන එන්නතක් ලබා දෙන තෙක් පොදු ස්ථාන වල පිරිස් ඒකරාශී වීම , සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැළඳීම මෙන්ම අනෙකු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැදීමත්, රජය විසින් නිකුත්කර ඇති යම් යම් කොරෝනා සීමාවන් ආරක්ෂා කිරීමටත් කටයුතු කරන ලෙසයි ඊශ්‍රායලයේ සැමට සිහිපත්කර දී තිබෙන්නේ.

වැඩබිම