ඩුබායිහි කොරෝනා නීතිරීතිවල වෙනසක්

ඩුබායිහි කොරෝනා නීතිරීතිවල වෙනසක්
එක්සත් අරාබි එමිර් රාජ්‍ය විසින් එරට බලපැවැත්වෙන කොරෝනා නීති රීති ලිහිල් කිරීමට කටයුතු කර තිබෙන බව එමිරේට්ස් පුවත් සේවා වාර්තා කරයි.
 
එහිදී සෞදි අරාබිය, කුවේටය, බහරේනය සහ ඕමානය යන ටටවලින් ඩුබායි රාජ්‍ය බලා පියාසර කිරීමට පෙර කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවට සඳහන් කර තිබේ.
 
එමෙන්ම ඩුබායි ගුවන්තොටුපළ හරහා වෙනත් ගමනාන්තවලට යන ගුවන් මඟීන්ටද පී.සී.ආර් පරීක්ෂණ අවශ්‍ය නොවෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
 

වැඩබිම