ජර්මනියේ සහ රුසියාවේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළට

ජර්මනියේ සහ රුසියාවේ කොරෝනා මරණ වාර්තාගත ලෙස ඉහළට
ජර්මනියෙන් සහ රුසියාවෙන් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එම මාධ්‍ය වාර්තා කරන ආකාරයට එළැඹෙන නත්තලට පෙර යලිත් වරක් රට වසා දැමීමේ අවදානමකට ජර්මන් රාජ්‍ය පත්ව තිබෙන බවයි.
 
ජර්මනියෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 585 ක් සහ නව ආසාදිතයන් 29875 ක් වාර්තා වූ අතර එය එරට මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස තහවුරු කර තිබේ.
 
ජර්මනියේ ආර්ථික අමාත්‍ය පීටර් ඇල්ටමයර් සඳහන් කර ඇත්තේ පවතින වාතාවරණය තුළ පෙර සැලසුම් කළ දේට වඩා කඩිනමින් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි.
 
ඉකුත් නොවැම්බර් මස සිට අර්ධ ලෙස රට වසා දැමූ ජර්මනිය නත්තලේදී එම සීමා ලිහිල් කිරීමට අපේක්ෂා කළ නමුත් පවතින තත්ත්වය හමුවේ එසේ කළ නොහැකි  බව සඳහන්.
 
තවද, රුසියාව සහ යුක්‍රේනයෙන්ද දෛනික කොරෝනා මරණ වාර්තාවීම සීග්‍රයෙන් ඉහළ ගොස් අතර රුසියාවෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 613 ක් හා යුක්‍රේනයෙන් මරණ 285ක් වාර්තා වෙයි.