ජර්මනිය බඳාදා සිට ජාතික වශයෙන් ලොක් ඩවුන් වෙයි

ජර්මනිය බඳාදා සිට ජාතික වශයෙන් ලොක් ඩවුන් වෙයි
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජර්මනිය බදාදා (16) සිට ජාතික වශයෙන් අගුලු දමන බව ජර්මනියේ රාජ්‍ය නායිකාව වන ඇන්ජෙලා මාර්කල් නිවේදනය කර තිබේ.
 
එම නිවේදයට අනුව එළැඹෙන බදදා (16) සිට ජනවාරි 10 වනදා දක්වා එරට අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් සහ පාසැල් වසා තැබෙන බව දන්වා තිබේ.
 
මේවනවිටත් ජර්මනිය තුළ අවන්හල් සහ මත්පැන් අලෙවිහල් වසා දමා තිබෙන අතර ඇතැම් ප්‍රදේශ ප්‍රාදේශීය වශයෙන් හුදෙකලා කර තිබේ.
 
තවද එළැඹෙන 2021 නව වසර නිමිත්තෙන් කිසිදු උත්සවයක් පැවත්වීමත් මෙන්ම ගිණිකෙලි ද්‍රව්‍ය විකිණීමපවා එරට තුළ තහනම් කර ඇත.
 
මෙම කාලසීමාව තුළ  බැංකු සහ අත්‍යාවශ්‍ය වෙළඳසැල් පමණක් විවෘතව තැබෙන බවයි ජර්මන් රජය නිවේදනය කර ඇත්තේ.
 
ජර්මනිය තුළ අදවනවිට කොරෝනා ව්‍යාප්තවීම සීඝ්‍රලෙස ඉහළ ගොස් තිබෙන අතර ගතවූ පැය 24ක කාලය ඇතුළත නව ආසාදිතයින් 20,200ක් පමණ වාර්තා වී තිබේ. සමස්ත ආසාදිතයින් ගණන මිලියන 1.35කි. පසුගිය පැය 24ක කාලය ඇතුළත ආසාදිතයින් 206 දෙනෙකු මරණයට පත්ව තිබෙන අතර මියගිය මුළු සංඛ්‍යාව 22,106කි.
 
මේ  තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැඩිවන ආසාදන හමුවේ හදිසි පියවර ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවයි මාර්කල් මහත්මිය ප්‍රකාශකර ඇත්තේ.