විදෙස් ශ්‍රමිකයින් 11,450ක් කුවේටය අතහැර යාමේ සූදානමක්

විදෙස් ශ්‍රමිකයින් 11,450ක් කුවේටය අතහැර යාමේ සූදානමක්
එළැඹෙන 2021 වසරේදී කුවේටයේ සේවය කරන විදේශිකයින් 11,450ක පිරිසක් එරටින් පිටවෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඊට හේතුව ලෙස පුවත් සේවා සඳහන් කරන්නේ වයස අවුරුදු 60ට වැඩි ශ්‍රමිකයින්ගේ නේවාසික වීසා කුවේට් රජය විසින් දීර්ඝ නොකිරීම නිසා අදාල පිරිසට කුවේටයෙන් පිටවීමට සිදුව තිබෙන බවයි.
 
කුවේටයේ සිවිල් තොරතුරු පිළිබඳ මහජන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 2020 ජනවාරි මස 01 වෙනි දිනය වනවිට කුවේටයේ වයස අවුරුදු 60ට වැඩි විදේශික ශ්‍රමිකයින් 225,000ක් ප්‍රමාණයක් සේවය කර ඇති අතර එම පිරිසෙන් 83,500කට උපාධියක් හෝ ඊට අඩු සුදුසුකම් මට්ටමක පවතින බවත් අනාවරණය වී තිබේ.
 
කෙසේ වෙතත් කුවේට් රජය විසින් වයස අවුරුදු 60ට වැඩි විදේශික ශ්‍රමිකයින් සඳහාපදිංචිය සඳහා වන බලපත්‍ර අළුත් කිරීම අත්හිටුවා ඇති බැවින් ඉදිරි කාලයේදී විදේශිකයින් රැසකට කුවේටය අත්හැර යාමට සිදුවෙන බව විචාරකයින් පෙන්වා දෙයි.
 

වැඩබිම