ලන්ඩනය කොවිඩ් වසංගතයේ ඉහළම අනතුරුදායක තත්ත්වයේ -ප්‍රවේශමෙන්!

ලන්ඩනය කොවිඩ් වසංගතයේ ඉහළම අනතුරුදායක තත්ත්වයේ -ප්‍රවේශමෙන්!

ලන්ඩන් අගනුවරින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් එනුවර පුරපති සදීක් ඛාන් පවසා ඇත.

ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ලිපියක් ද යවා ඇති අතර දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන් සැලකිල්ලට ගැනීමේදී අගනුවර කෙරෙන ‘කොවිඩ්-19’ ආසාදිතයන් හඳුනාගන්නා පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කරන්නැයි ද ඉල්ලීමක් කර ඇත.

ඉදිරියේදී ලන්ඩන් නගරයට සීමා පනවන්නේ නම් එයින් බලපෑමට ලක්වන ව්‍යාපාර සඳහා සහන සැලසීම සහන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන්නැයි නගරාධිපතිවරයා සිය මගින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

ලන්ඩන් නුවරින් වාර්තා වන වයිරස ආසාදිතයන් සැලකිල්ලට ගනිමින් දැනට පනවා ති‌බෙන දෙවැනි මට්ටමේ සීමා තෙවැනි මට්ටම දක්වා ඉහළ නංවන්නේ නම් එයින් ව්‍යවසනකාරී ආර්ථික බලපෑමක් සිදුවනු ඇතැයි ද සිය දහස් ගණනකට ඔවුන්ගේ ජීවනෝපාය අහිමි වනු ඇතැයි ද ලන්ඩන් නගරාධිපතිවරයා සිය ලිපියෙන් අනතුරු අඟවා ඇත.

එංගලන්තයට පනවා ඇති සියලූම සීමා සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනිදා නැවත විමසීමක්  කිරීමට ද ආණ්ඩුව සූදානමින් සිටියි.