ඉතාලිය ඛේදවාචකයක් අභියස - සෞඛ්‍ය බලධාරිහු අනතුරු අඟවති

ඉතාලිය ඛේදවාචකයක් අභියස - සෞඛ්‍ය බලධාරිහු අනතුරු අඟවති

කොවිඩ්-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් කඩිනමින් රට වසා දැමිම සිදු නොකළහොත් දැවැන්ත ඛේදවාචකයකට මුහුණදීමට සිදුවනු ඇති බව ඉතාලි සෞඛ්‍ය බලධාරිහු අනතුරු අඟවති.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශකයෙකු වන "වෝල්ටර් රිකිආඩි" පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට ඉතාලිය තුළ දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති බවය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඉතාලියේ මේ වසර තුළ සිදුවූ මරණ ගණන දෙවන ලෝක යුද සමයෙන් පසුව වසරක් තුළ වාර්තා වූ වැඩිම මරණ ගණන විය හැකි බවට සංඛ්‍යාලේඛන වලින් අනාවරණවිමත් සමග ඔහු ඒ බව ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.