සෞදිය නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ සූදානමක්

සෞදිය නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ සූදානමක්
සෞදි අරාබිය විසින් නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමට කටයුතු කරන බවත් ඊට සැලසුම් දැනටමත් සකස්කර අවසන් බවත් සෞදි රජය විසින් නිවේදනය කර තිබේ.
 
නොමිලේ ලබා දෙන මෙම අන්තර්ජාල පහසුකම මඟින් අවම වශයෙන් පුද්ගලයින් 60,000කට පමණ භාවිතා කිරීමේ හැකියාව සැලසෙන අතරම එම පහසුකම ලබාගත හැකි ලෙස පොදු ස්ථානවල WiFi Hotspot පිහිටුවීමට කටයුතු කරන බව සඳහන්.
 
පළමු අදියරේදී රෝහල්, වෙළෙඳසැල්, පොදු උද්‍යාන මෙන්ම ශුද්ධ මුස්ලිම් පල්ලි හරහා නොමිලේ මෙම පහසුකම ලබා දෙන බවයි සෞදි අරාබියේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ.
 
ඔබත් සෞදියේ වෙසෙන අයෙක් නම් නොමිලේ ලැබෙන මේ අන්තර්ජාල පහසුකමින් ප්‍රයෝජන ගන්න අමතක කරන්න එපා.