කොරෝනා අවදානම ඉහළ යාම නිසා උත්සව සමයේ ඉතාලිය වසා දැමීමේ සූදානමක්

කොරෝනා අවදානම ඉහළ යාම නිසා උත්සව සමයේ ඉතාලිය වසා දැමීමේ සූදානමක්
කොරෝනා අවදානම ඉහළ යාම නිසා උත්සව සමයේ සචරණ සීමා පනවමින් ඉතාලිය වසා දැමීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ  මහතා ප්‍රකාශකර ඇත්තේ  අදියර තුනක් යටතේ නත්තල් උත්සවය හා නව වසර ඉලක්ක කර ගනිමින් රට වසා දැමීමට තීරණය කළ බවයි.
 
එම තීරණයට අනුව එලැඹෙන නත්තල් උත්සවයට සමගාමීව දෙසැම්බර් 24 සිට 27දක්වා වෙළෙඳසැල් වසා දමා සංචරණය සීමා කිරීමටත් , නව වසර උදාවට සමගාමීව දෙසැම්බර් 31 සිට ජනවාරි 3 දක්වා රට වසා තැබෙන බවට නිවේදන නිකුත්කර ඇත.
 
තවද, එලැඹෙන ජනවාරි මස 5 වනදා සිට 6 වනදා දක්වා එක් දිනක් සඳහා ද ඉතාලිය වසා දැමීමට කටයුතු කරන බවත් සඳහන්.
 

කෙසේවෙතත් අදාළ දිනයන් හි අත්‍යාවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යනු ලබන අතර නිවෙස්වලට වී උත්සව සමය ගත කිරීමට කටයුතු කරන ලෙස ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොන්ටේ මහජනතාවට දැනුම් දී තිබේ.