ඊශ්‍රායලය යලිත් අඟුළු වැටෙයි -මාර්තු මසවන විට කොරෝනා පාලනයට සැලසුම්

ඊශ්‍රායලය යලිත් අඟුළු වැටෙයි -මාර්තු මසවන විට කොරෝනා පාලනයට සැලසුම්
ඊශ්‍රායලය තුළ යලිත් වරක් කොරෝනා වසංගතය උත්සන්න වීම හේතුවෙන් සති තුනක කාලයක්  එරට වසා දැමීමට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
මෙලෙස රට අගුළු දැමීම තුළින් ඔවුන් එළැඹෙන 2021 වසරේ මාර්තු මාසය වනවිට කොරෝනා වසංගතයෙන් මිදීම අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
තවද මේ වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු ද කඩිනම් කර තිබීමත් විශේෂත්වයකි.
 
ලබන මාර්තු මාසය වනවිට ඊශ්‍රායාලයේ කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට හැකිවුවහොත් බෙනජමින් නෙතන්යාහුට යළි එරට මැතිවරණයකින් තේරී පත්වීමේ හැකියාව වර්ධනය වනු  ඇති බවත් විදෙස් පුවත් පෙන්වා දෙයි.මීට සතියකට පෙර ඇරඹි ඊශ්‍රායාල කොරෝනා මර්දන එන්නත් වැඩසටහනේ මේ වනවිට ලබාදී ඇති එන්නත් සංඛ්‍යාව දෙලක්ෂ අසුදහස ඉක්මවා ගොස් තිබෙන අතර ලොව කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩිම සීඝ්‍රතාවය එය වන බවත් සඳහන්.
 
ලබන සතිය වන විට එය දෙගුණයකින් ඉහළ නැංවීමට බෙන්ජමින් නෙතන්යාහු අපේක්ෂා කර අතරම එසේ වුවහොත් ලබන මස වනවිට මිලියන නවයක් වන ඊශ්‍රායාල ජනගහනයෙන් හරි අඩකට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට හැකිවනු ඇති.
 
දින 30 ක් තුළ කොරෝනා වෛරසය මැඩපවත්වා , යළි ආර්ථිකය විවෘත කර සෙසු කිසිදු රටකට කළ නොහැකි වූ සිදුකිරීම සිය අරමුණ බව ඊශ්‍රායාල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් නිවේදනය කර තිබේ.