වරදකින් අමෙරිකාවේ මිලියන ගණනකට විරැකියා දීමනාව අහිමියි

වරදකින් අමෙරිකාවේ මිලියන ගණනකට විරැකියා දීමනාව අහිමියි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් සහන පනතට අත්සන් තැබීමට අසමත්වීම නිසා එය නීතියක් බවට පත් නොවීමෙන් එරට මිලියන ගණනක් පිරිසට විරැකියා දීමනාව අහිමි වී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.   

ට්‍රම්ප් මේ නීතියට අනුමැතිය ලබා නොදුනහොත් විනාශකාරී ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි තේරී පත් වී සිටින ජනාධිපති ජෝ බයිඩන් පවසන අතර පසුගිය සෙනසුරාදා (26දා) වන විට එම නීතිය අනුමත කිරීමට නියමිතව තිබූ අවසාන කාල සීමාව ඉකුත් වී ගොස් තිබේ.

මාස ගණනාවක් තිස්සේ වාද විවාද පැවැත්වීමෙන් පසු දීර්ඝ වැඩපිළිවෙළකින් අනතුරුව ඩොලර් බිලියන 900ක සහන පැකේජයට කොංග්‍රසයේ අනුමැතිය හිමි විය.