අනපේක්ෂිත ලෙස කොරෝනා ආසාදිතයින් වැඩිවීම නිසා කොරියාව යලිත් සීමා දැඩි කරයි

අනපේක්ෂිත ලෙස කොරෝනා ආසාදිතයින් වැඩිවීම නිසා කොරියාව යලිත් සීමා දැඩි කරයි
ගෙවීගිය සිකුරාදා දිනයේදී දකුණු කොරියාවෙන් කොරෝනා අසාදිතයින් 824ක් වාර්තා වූ බවට එරට ජාතික රෝග පාලන හා නිවාරණ ඒජන්සිය නිවේදය කිරීමත් සමඟ රටපුරා ජනතා ඒකරාශීවන සීමා දැඩි කිරීමට දකුණු කොරියානු රාජ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
 
දකුණු කොරියාව කොරෝනා වසගතය සාර්ථකව පාලනය කළ රටක් බවට මුල්වටයේදීම පත්වෙමින් ලෝකයේ අවදානය දිනා ගත් අතර එහිදී ලෝකයේ වෙනත් තැන්වල දක්නට ලැබුණු දැඩි අඟුළු දැමීමේ ක්‍රියාමාර්ග හරහා කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කිරීමට හැකිවිය.
 
කෙසේ නමුත් මෑතකදී සිට හඳුනාගත නොහැකි ආසාදන වැඩිවීම නිසා නැවත වරක් බලධාරීන්ගේ අවදානය යොමුවී තිබෙන අතර එයට හේතුව ලෙස රට තුළ වසංගත සම්බන්ධ සීමා ලිහිල් කිරීම බව හඳුනාගෙන තිබේ. ඒ අනුව යලිත් වරක් රට වසා දැමීමේ ක්‍රියාමාර්ගයකට සලකා බලන තරමට ඔවුන් උනන්දුවී තිබෙන අතර එයට හේතුව ගෙවීගිය දිනවල හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් දේශීයව සම්ප්‍රේෂණය වූ රෝගීන් බවට තහවුරු වීමත් සමගයි.
 
මේවනවිට දකුණු කොරියාවෙන් වාර්තාවෙන සමස්ත ආසාදිතයින් ගණන 63,244ක් වන අතර මියගිය ගණන 962ක් දක්වා ඉහළගොස් තිබේ.
 
එමෙන්ම දකුණු අප්‍රිකාවෙන් හඳුනාගටහ් කොරෝනා නව ප්‍රභේදය දෙසැම්බර් මස 26 දින පැමිණි අයෙකුගෙන් හඳුනාගෙන තිබෙන බව එරට ජාතික රෝග පාලන හා නිවාරණ ඒජන්සිය නිවේදනය කර තිබෙන අතර එහිද අවදානම සැලකිල්ලට ගනිමින් ජනතාව ඒකරාශීවීම වළක්වමින් දැඩි සීමා පැනවීම සිදුකර ඇත.
 
ඒ අනුව එලැඹෙන ජනවාරි 17 වෙනිදින දක්වා පුද්ගලයින් පස්දෙනෙකුට වැඩි පිරිසක් ඒක්රැස්වීම  තහනම් කර තිබෙන බවයි දකුණු කොරියානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.