ලොක්ඩවුන් විරෝධී උද්ඝෝෂණයන් නිසා ලෙබනනය උණුසුම්

ලොක්ඩවුන් විරෝධී උද්ඝෝෂණයන් නිසා ලෙබනනය උණුසුම්

කොරෝනා වසංගතය සමඟ සති ගණනක් එක දිගට ලෙබනනය අගුළු දැමීම නිසා එරට වෙසෙන ජනයාගේ ජන ජීවිතයට දරුණු ලෙස බලපෑම් එල්ල කර තිබීමත් ඒ තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ ට්‍රිපෝලි නගරයේ ආරම්භ වූ විරෝධාතවය දෙවැනි රාත්‍රිය පුරාත් ක්‍රියාත්මක වෙමින් ආරක්ෂක අංශ සමඟ ගැටුම් ඇතිකරගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

 
ඉතා කලහකාරී අන්දමින් මෙම විරෝධතා කරුවන් සිය විරෝධය දක්වා තිබෙන අතර පසුගිය අඟහරුවාදා දින එරට ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විරෝධතා කරුවන්ගේ ක්‍රියාකලාපය විකාශය කර තිබේ. එහිදී සෙරේල් නමින් හැඳින්වෙන රජයේ ගොඩනැගිල්ලකට ගල් ගසන ආකාරයත් ඒ අසල ඇති වාහනයක් පුලිස්සා දමමින් කලකාරී ලෙස හැසිරෙන සජීවී විඩියෝ දර්ශන ප්‍රචාරය කර ඇත.
 
පසුගිය කාල වකවානුව තුළ විවිද සිදුවීම් හරහා ලෙබනනය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබූ අතර කොරෝනා වසංගතය සමඟ එම අර්බුදකාරී වාතාවරණය තව තවත් ඉහළ යන ලදී. වර්තමානය වනවිට ලෙබනනය දැඩි මූල්‍ය අර්බුදයක සිරවී සිටින අතර රට තුළ කොරෝනා ව්‍යාප්තවීම ඉහළ යාමද ඊට එක් හේතුවක් වී තිබේ.
 
අදවන විට ලෙබනනයෙන් වාර්තා වෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 285,754 දක්වා ඉහළ ගොස් තිබෙන අතර මියගිය ගණන 2,477 ක් දක්වා වැඩි වී තිබේ.
 
දිනෙන් දින වැඩි වෙන ආසාදිතයින් ගණන ඉහළ යාම නිසා එය පාලනය කිරීමේ අරමුණින් සති ගණනක් පුරා රට ලොක්ඩවුන් කළ අතර නමුත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ ජීවන තත්ත්වයට තර්ජනයක් වී නිසා මෙලෙස විරෝධතා රැල්ලක් නිර්මාණය වීමට බලපා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.