බ්‍රිතාන්‍යයේ දිනෙන් දින කොරෝනා මරණ ගණන ඉහළට

බ්‍රිතාන්‍යයේ දිනෙන් දින කොරෝනා මරණ ගණන ඉහළට

බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

පසුගිය  27 වෙනි දිනය තුළ එරටින් නව කොවිඩ් ආසාදිත මරණ 1,631ක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

එරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 100,162ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූ පස්වන රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇත.

මේ වනවිට අමෙරිකාවෙන් වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඊට අමතරව බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝව පිළිවෙලින් වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රටවල් අතර සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ මේ වනවිට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තිස්හය ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.