ඩෙන්මාර්කයේ ලොන් ඩවුන් කාලසීමාව තවත් දිගු වෙයි

ඩෙන්මාර්කයේ ලොන් ඩවුන් කාලසීමාව තවත් දිගු වෙයි
කොරෝනා වසංගතය හේතුවෙන් යලිත් වරක් ඩෙන්මාර්ක් රාජ්‍ය වසා තැබීමේ කාලය දීර්ඝ කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
මේ සම්බන්ධයෙන්  එරට අග්‍රාමාත්‍ය මෙට් ෆෙඩ්රික්සන් ඊයේ (18) දිනයේ  ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශයක් කර තිබේ.
 
මෙම තීරණයට අනුව පෙබරවාරි මස 28 වනදා දක්වා ඩෙන්මාර්කය තවදුරටත් වසා තැබෙන බව ප්‍රකාශයට පත්කර තිබෙන අතර එහිදී අග්‍රාමාත්‍යවරිය  වැඩිදුරටත් පවසා ඇත්තේ ඩෙන්මාර්කය තුළ කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම මැඩපැවැත්විය නොහැකි වුවත් එය මන්දගාමී කිරීමට හැකියාව පවතින බවයි.
 

වර්තමානය වනවිට ඩෙන්මාර්කයෙන්කොවිඩ් - 19 ආසාදිතයින් 197,208 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,071ක් වේ.