බ්‍රිතාන්‍යයේ පැතිරෙන නව කොරෝනා ප්‍රභේදයට සාර්ථක විසඳුමක්

බ්‍රිතාන්‍යයේ පැතිරෙන නව කොරෝනා ප්‍රභේදයට සාර්ථක විසඳුමක්
ඉරානයේ නිපදවන ලද කොව්ඉරාන් බරකත් නැමැති කොවිඩ් මර්දන එන්නත, බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රථිඵල පෙන්නුම් කර ඇති බව ඉරානය නිවේදනය කර තිබේ.
 
එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, එන්නත අත්හදා බැලීම සඳහා එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින්ගේ රුධිර සාම්පල පරීක්ෂාවෙන් එය තහවුරු වී ඇති බවයි. 
 

මීට පෙර බ්‍රිතාන්‍යයේ නිපදවූ නොවාවැක්ස් එන්නත ද කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රථිඵල පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණ කළා.