ප්‍රංශය 3වන වරටත් ලොක්ඩවුන් වෙන ලකුණු

ප්‍රංශය 3වන වරටත් ලොක්ඩවුන් වෙන ලකුණු

රට තුන්වැනි වරටත් වසා දැමීමේ වැඩපිළිවෙළ වළක්වා ගැනීමට තවමත් හැකියාව පවතින බව ප්‍රංශ අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් අවධාරණය කර තිබේ.

ඔහු කියා සිටියේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයට නම් ජනතාව තවදුරටත් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි.

ඊයේ සිට ප්‍රංශය තුන්වැනි වරටත් රට වසා දැමීමට සැලසුම් කර තිබුණත්, එම සැලසුම් ක්‍රියාත්මක නොකර පවතින නීති දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව, ප්‍රංශ දේශසීමා නීති දැඩි කර ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර දැඩි කිරීමට කටයුතු කරනු ඇති.

ප්‍රංශ බලධාරීන් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ, තවදුරටත් නිවසේ සිට රාජකාරි කටයුතු සිදු කරන ලෙසයි.

කොරෝනා මරණ 75,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවන ප්‍රංශය, ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තාවන රටවල් අතර 7 වැනි ස්ථානයේ පසුවේ.