නව කොවිඩ් ප්‍රභේදය ලොවම කළඹන හැඩක්

නව කොවිඩ් ප්‍රභේදය ලොවම කළඹන හැඩක්
බ්‍රසීලයේ ඇමේසන් ප්‍රාන්තයන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් එහි සෞඛ්‍ය සේවාවන්ට දැඩි පිඩනයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 
 
ඊට මූලික හේතුව ලෙස මාධ්‍ය සඳහන් කරන්නේ රෝහල් රැසක්ම මේ වන විටත් ආසාදිතයින් ගෙන් පිරීයාමයි.
 
තවද මෙම වෛරස් ප්‍රභේදය වේගවත් සම්ප්‍රේෂණ අගයක් පෙන්නුම් කරන කොවිඩ් ප්‍රභේදයක් බවට අනාවරණය වී තිබෙන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන ප‍රිදි කොවිඩ් ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් රෝහල්වල ඔක්සිජන් සැපයුම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගෙන් ජිවත්විය යුත්තේ කවුරුන්ද නැද්ද යන තීරණය වෛද්‍යවරුන්ට ගැනීමට සිදුව ඇති තත්ත්වයක් උද්ගතවී තිබෙන බවයි.