විදේශිකයින්ට කුවේටය නැවතත් තහනම් වෙන ලකුණු

විදේශිකයින්ට කුවේටය නැවතත් තහනම් වෙන ලකුණු

විදේශිකයන් සඳහා යළි රට වසාදැමීමට කුවේට් බලධාරින් තීරණය කර තිබේ.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව කොන්දේසි යටතේ ලබන 07 වනදා සිට විදේශිකයින්ට රට විවෘත නොකිරීමට කුවේට් රජය තීරණයකර ඇත.

කෙසේවෙතත් කූවේට් වැසියන්ගේ සමීප ඥාතීන් සහ එරට සේවයේ නිරත පුද්ගලයින් සඳහා මෙම තීරණය අදාළ නොවන බව සඳහන් ය.

ඊයේ දිනයේ කුවේට් රාජ්‍යයෙන් නව කොවිඩ් ආසාදිතයින් 756 දෙනෙකු හඳුනාගත් අතර එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 167,410ක් දක්වා ඉහළගොස් තිබේ.

කෙසේවෙතත් ඉන් 160,000කට ආසන්න පිරිසක් මේ වනවටිත් සුවය ලබාඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.