එමීරය නව නිරෝධායන මාර්ගෝපදේශයක් ප්‍රකාශයට පත්කරයි

එමීරය නව නිරෝධායන මාර්ගෝපදේශයක් ප්‍රකාශයට පත්කරයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන රජයේ සේවකයින් සඳහා කොරෝනා නව් නිරෝධායන මාර්ගෝපදේශයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
 
කොරෝනා වෛරසය ආසාදනයවන හා දැනටමත් කොරෝනා වෛරසය ආසාඩනය වී ඇති පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පවත්වන රජයේ සේවකයින්ට අදාල වන ලෙස මෙම නිරෝධායන මාර්ගෝපදේශය නිකුත්කර ඇත.
 
එන්නත් නොකළ රජයේ සේවකයින්ගේ වාර්ෂික නිවාඩු වලින් නිරෝධායනය කිරීම සන්ඳහා යන දින ගණන අඩු කරනු ලබන බවටත්,එන්නත් නොකළ රජයේ සේවකයින් සෑම දින හතකට වරක් අනිවාර්යෙන් පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ගත යුතු බවත් අදාල මාර්ගෝපදේශයේ දක්වා තිබේ.