ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්

ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ ඉන් පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවය.

ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ 2011 වසරේ සිදුවූ ප්‍රබල භූ කම්පනයේ දස අවුරුදු සංවත්සරයට සති කිහිපයකට පෙර එම වෙරළ තීරයේම රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබල භූකම්පනයක් සිදුවී තිබේ.

මෙම භූ කම්පනය ටෝකියෝවටද දැනී තිබුනද සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැත.

එරට වාර්තා සඳහන් කළේ, නිවාස මිලියනයකට ආසන්න ප්‍රමාණයකට විදුලිය ඇනහිට ඇති බවය.

2011 දී ඇතිවූ භූ කම්පනයෙන් සුනාමියක් ඇතිවී 18,000 අධික පිරිසක් මියගොස් තිබුණි.

එම සුනාමිය හේතුවෙන් 1986 දී චර්නොබිල් ව්‍යසනයෙන් පසු ලොව දරුණුතම න්‍යෂ්ටික අනතුර වන ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාර අනතුරද සිදුවිය.

මේ අතර ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ නව භූමිකම්පාව 2011 දැවැන්ත භුකම්පනයේම පසු කම්පනයක් බවය.

විශාල භූමිකම්පාවකින් පසු ඇතිවූ කම්පන වසර ගණනාවක් පුරා පැවතිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.