සායනික් පරීක්ෂණවලදි එම ඉන්හේලරය අසාදිතයන් 30 දෙනෙකුට ලබා දී ඇති අතර ඉන් ආසාදිතයින් 29 දෙනෙකු දින 3 - 5 අතර කාලයකදී සම්පූර්ණ සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාදිතයෙකු එම ඉන්හේලරයක් සම්පූර්ණයෙන් ආශ්වාස කිරීම කොවිඩ් ආසාදිතයෙකු සුවය ලැබීමට ප්‍රමානවත් බවත් කොරෝනාවට එරෙහි එහි ආරක්ෂාව සියයට 96 ක් වන බවත් විදෙස් වාර්තාවල සදහන්.
මහජන භාවිතය සදහා යොදා ගැනීමට නම් එම ඉන්හේලරයට එරට ජාතික සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය වනවා.
