කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් නිසා නවසීලන්තය දින තුනක් වැසෙයි

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් නිසා නවසීලන්තය දින තුනක් වැසෙයි

කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමෙන් පසුව නවසීලන්තයේ ප්‍රධාන නගරයක් වන ඕක්ලන්ඩ් නගරයට දින තුනක් සඳහා "දැඩි සංචරණ සීමා" පැනවීමට එරට අගමැතිනි ජසින්ඩා අර්ඩන් තීරණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා ඒඩ්ඩ්‍රන් විසින් හදිසි කැබිනට් රැස්වීමකින් අනතුරුව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබෙන අතර "" නව ආසාදිතයින් වාර්තා විම ප්‍රශ්න සහගතයි. මෙය ඉතා ප්‍රවේසමෙන් හැසිරවිය යුතුයි. මන්ද මෙම වෛරසය දරුණු ප්‍රභේද වලින් එකක් වුවද විය හැකියි" යනුවෙන් ප්‍රකාශයක්ද නිකුත්කර තිබේ.

ඇය පැවසුවේ එම පුද්ගලයින්ට ආසාදනය වී ඇත්තේ වඩාත් සීඝ්‍රයෙන් පැතිරෙන කොවිඩ් වෛරස ප්‍රභේදයක් යන උපකල්පනයෙන් රජය තීරණ ගන්නා බවය.

නමුත් එම තිදෙනාට - එකම පවුලේ මව, පියා සහ දියණිය - වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් හෙළිවී නොමැත.

සංචරණ සීමා ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක අතර නගරයට ඇතුළු වීම සහ පිටවීම ද පාලනය කර ඇත.

ඒ සමගම රටේ අනෙක් ප්‍රදේශ සඳහා "දෙවැනි පෙළ" සංචරණ සීමා පනවා තිබේ. ඒ අනුව ජනතාව එක්වීම ට එරෙහිව විවිධ රීති පනවා ඇති අතර මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ.