ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට වාර්තාගත සීත කාලගුණයක්

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට වාර්තාගත සීත කාලගුණයක්
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට  බලපා ඇති අධික සීත කාලගුණික තත්ත්වය නිසා දින කිහිපයක සිට එහි වෙසෙන ජනතාව මහත් සේ අසරණතාවයට පත්ව තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
අධික සීත කාලගුණයත් සමඟ දින කිහිපයක සිට එහි වෙසෙන බොහෝ ජනතාවට විදුලිය සහ ජල පහසුකම් ඇණ හිට ඇති බවයි සඳහන් වෙන්නේ.
 
මෙම කාලගුණික විපර්යාසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ අමෙරිකාවේ දකුණු දිග කලාපයෙන් ඇරඹි මෙම ශිත දේශගුණය ක්‍රමයෙන් එරට නැගෙනහිර ප්‍රාන්තය දක්වා ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
 
තවද පසුගිය සතිය තුලදී ශිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 38 දෙනෙකු ජිවිතක්ෂයට  පත්ව තිබෙන අතර අධික ශීතල නිසා ජනතාව පානීය ජලය නොමැතිව දුෂ්කරතාවයන්වලට මුහුණපා සිටින බවත් සඳහන්.
 
එමෙන්ම, මේවනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක්ද මතුව තිබෙන බවත් ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පවා වෙළෙදසැල් විවෘත කර තිබුණත් භාණ්ඩ වර්ග රැසක් විකිණී අවසන් බවයි ටෙක්සාස් ප්‍රාන්ත වැසියන් ප්‍රකාශ කර ඇත්තේ.