එන්නත්කරණය ගැන බ්‍රිතාන්‍යයෙන් අලුත් තීරණයක්

එන්නත්කරණය ගැන බ්‍රිතාන්‍යයෙන් අලුත් තීරණයක්

බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන්ටත් කොවිඩ් එන්නත ලබාදීමට පියවරගෙන තිබේ.

පිළිකා රෝගීන් ඇතුළු ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන් තෝරා ගනිමින් කොවිඩ් එන්නත් අත්හදා බැලීම මේ යටතේ සිදුවනු ඇත. 

මෙතෙක් ලබාදී ඇති කොවිඩ් එන්නත් ඉතා සාර්ථක වී ඇති බවද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසයි. 

ප්‍රතිශක්තිකරණය අඩුවූ රෝගීන් 5,000කට පමණ මුල් වටයේදී එන්නත් ලබාදීමට නියමිතය. 

එන්නත් ලබාදීමට පෙර සහ පසු රුධිර පරීක්ෂාවෙන් පසු ප්‍රතිශක්තිය වෙනස් වී ඇති ආකාරය සොයා බැලීම සිදුකරයි.

මේ අතර ලබන සතිය වනවිට මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය නොවනු ඇති බවට ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.

කොවිඩ් රෝගීන් වාර්තාවීම පහත වැටීමත් සමඟ ලබන සතිය වනවිට මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය නොවනු ඇතැයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා එළෙස නිවේදනය කර තිබේ.

ඔහු නිවේදනය කර ඇත්තේ මුහුණු ආවරණ අනිවාර්යයෙන් පැළඳීම ඉවත්කර සම්පූර්ණයෙන්ම ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට ලබන සතිය වනවිට  හැකියාව ලැබෙනු ඇති බවය. 

පසුගිය ජූලි මාසයේ සිට ටෙක්සාස් ප්‍රාන්තයේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණි.