ත්‍රස්ත ප්‍රහාරයක් නිසා සෞදිය ඇලලෙයි

ත්‍රස්ත ප්‍රහාරයක් නිසා සෞදිය ඇලලෙයි

පසුගිය කාලවකවානුව තුළ අවස්ථා කිහිපයකදීම සෞදියේ මර්මස්ථාන ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත මිසයිල ප්‍රහාර දියත්කළ අතර එරට ගුවන් හමුදාව විසින් එම ප්‍රහාර මැඩපැවැත්වීමට කටයුතු කරන ලදී.

එවැනිම ප්‍රහාරයක් පසුගියදා යේමනයේ හූති සටන්කරුවන් විසින් සෞදි අරාබියේ ඛනිජ තෙල් නිෂ්පාදන මර්මස්ථානය ලෙස සැලකෙන රාස් ටෙනුරා හි පිහිටි "සෞදි ඇරම්කො" මධ්‍යස්ථානයට එල්ල කර ඇති බව විදෙස් පුවත් සඳහන් කරයි.

ඩ්‍රෝන සහ මිසයිල යොදාගෙන එම ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

එම ප්‍රහාර එල්ල කොට ඇත්තේ ලෝක ඛනිජ තෙල් සැපයුමට බාධා කිරීමට බව ද අනුමාන කෙරේ.   

නමුත් එම ප්‍රහාර හේතුවෙන් රාස් ටෙනුරා හි පිහිටි ගබඩා සංකීර්ණයට හෝ එහි අනෙක් දේපල වලට හෝ සේවකයින්ට හානියක් නොවූ බව සෞදි බලශක්ති අමාත්‍යංශය පැවසීය. 

ගබඩා සංකීර්ණයට අමතරව ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් සහ ලොව විශාලම ඛනිජ තෙල් සැපයුම් පහසුකම් මධ්‍යස්ථානය එහි ස්ථාපිත කර තිබේ.