බ්‍රසීලයේ කොවිඩ් මරණ ශීඝ්‍රයෙන් ඉහළට -රටම අවදානමක

බ්‍රසීලයේ කොවිඩ් මරණ ශීඝ්‍රයෙන් ඉහළට -රටම අවදානමක

කොවිඩ් වසංගතය හමුවේ බ්‍රසීලය මුහුණදුන් මාරාන්තිකම දිනය ලෙස පසුගිය 09 වෙනි දින සනිටුහන් විය.

ඒ ඊයේ පමණක් මරණ 1,954ක් වාර්තාවීමත් සමගිනි.

නව කොවිඩ් ප්‍රභේදයක්ද රට පුරා ව්‍යාප්තවෙමින් පවතින පසුබිමක උපරිම ධාරිතාවද ඉක්මවා ගොස් ඇති බ්‍රසීල රෝහල් හා සෞඛ්‍ය පද්ධතිය දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ එරට රෝහල්වලින් අඩකම දැඩි සත්කාර ඒකක සියයට 90ක්ම පිරීගොස් ඇති බවය.

බ්‍රසීලයෙන් කෝටිය ඉක්මවූ ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර මරණ 268,568 වාර්තා වේ.

තවමත් කොවිඩ් එන්නතකින් එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත්තේ එරට ජනගහණයෙන් සියයට 4කට පමණය.