සයිප්‍රස් රජයෙන් විශේෂ දැනුම්දීමක් -ලාංකික ඔබටත් වැදගත්

සයිප්‍රස් රජයෙන් විශේෂ දැනුම්දීමක් -ලාංකික ඔබටත් වැදගත්

සයිප්‍රස් සෞඛ්‍ය අමාත්‍ය කොන්ස්ටන්ටිනෝස් අයොන්නෝ  මහතා ඊයේ දිනයේ  ( 12/03/2021) විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙන අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එරට ව්‍යායාම  මධ්‍යස්ථාන දුරස්ථභාවය තවත් සති දෙකක් දක්වා දීර්ඝ  කිරීමට පියවර ගෙන තිබෙන බවයි.

තවද කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලිමසෝල් හි ප්‍රාථමික පාසල් වසා දැමීමටද කටයුතු කර ඇති බවත් ඒ මහතා නිවේදනය කර ඇත.

තවද මාර්තු 16 වන විට අවන්හල් විවෘත වන නමුත් එළිමහන් ප්‍රදේශවල සිට ආහාර ගත හැකි  පාරිභෝගිකයින්ට පමණක්   ඒවා විවෘත බවත් ඇඳිරි නීතිය දැන් රාත්‍රී 9 වෙනුවට 11 ට ආරම්භවන බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම දිනකට කෙටි පණිවුඩ දෙකක් පමණක් යොමු කර නිවෙස්වලින් පිටතට යාමේ අවසරය  නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයිි.