ගාසා තීරයේ ගැටුම් කලාපීය අර්බුදයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්

ගාසා තීරයේ ගැටුම් කලාපීය අර්බුදයක් දක්වා වර්ධනයවීමේ අවදානමක්

ගසා තීරයේ ගැටුම් තවදුරටත් පැවතියහොත් එය කලාපීය අර්බුදයක් බවට පත්විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා  පවසයි. 

පවතින වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පසුගිය 16 වෙනි දින වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡා කර තිබේ. 

එහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා ඇත්තේ ගාසා තීරයේ භයානක ගැටුම් වහා අවසන් කරන ලෙසය. 

කෙසේවෙතත් ඉහළ ජන ඝණත්වයක් සහ සම්පත් අවම ප්‍රමාණයක් සහිත ගාසා තීරයේ වැසියන්ට පූර්වාරක්ෂක උපක්‍රම අනුගමනය කිරීම දුෂ්කර වී තිබේ.  

පලස්තීනය විසින් ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා රොකට් ප්‍රහාර 3,000 කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති අතර ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 200කට ආසන්න වී තිබේ.