ඉන්දීය කොරෝනා විකෘතිය රටවල් 50කින් හමුවෙයි

ඉන්දීය කොරෝනා විකෘතිය රටවල් 50කින් හමුවෙයි
ඉන්දියාවෙන් හඳුනාගත් නව කොරෝනා වෛයිරසයේ විකෘති ප්‍රභේදය මේ වනවිට රටවල් 50කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.
 
ඉන්දියාවෙන් හඳුනාගත් ‘කොවිඩ්-19’ නව කොරෝනා වෛයිරසයේ විකෘති ප්‍රභේදය බී.1.617 යනුවෙන් නම් කර තිබේ.
 

ඉන්දියාවේ දෛනිකව වෛයිරස ආසාදිතයන් තුන් ලක්ෂය ඉක්මවා වාර්තා වීමටත් වෛයිරස ආසාදිත මරණ තුන් දහස ඉක්මවා වාර්තා වීමටත් මෙම ප්‍රභේදය හේතුවක් වී ඇතැයි වාර්තා වේ.