රෝහල් රැසකම මේවනවිට ඇඳන් හිගයක් හා විශාල වශයෙන් ඔක්සිජන් හිගයක් ඇති බව ද සඳහන්. නේපාලයේ රෝහල්වල එක් ඇඳක ආසාදිතයින් කිහිපදෙනෙකු ප්‍රතිකාර ලබන බව ද සඳහන්. රට තුළ පවතින සෞඛ්‍ය පහසුකම් අභිභවා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් රෝහල්වල රථගාල්වල පවා කොරෝනා ආසාදිතයින් රඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඉන්දියාව මෙන්ම නේපාලය ද මේවනවිට කොරෝනා මරණ ආදාහනය සම්බන්ධයෙන් ගැටළුවකට මුහුණ පා සිටිනවා. ඒ, එරටින් දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව ද අඛණ්ඩව ඉහළ යමින් ඇති පසුබමිකයි. පවතින තදබදය හේතුවෙන් නේපාලය තුළ කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු සමූහ වශයෙන් ආදාහනය කෙරෙන බව ද විදෙස් වාර්තා සඳහන් කළා.
නේපාලයෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 513,241ක් වාර්තා වනවා. මරණ සංඛ්‍යාව 6,346 ක්.
