කොරෝනා වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් ප්‍රතිවෛරසයක් !

කොරෝනා වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් ප්‍රතිවෛරසයක් !

කොරෝනා වෛරසයයට වෛරසයට එරෙහි නව ප්‍රතිවෛරසයක් නිපදවීමට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

මෙම ප්‍රතිවෛරසයට, පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන් ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සීයයට 99.9ක් විනාශ කිරීමට මේ වනවිට හැකිවී ඇත .

දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන බව ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බව එම විද්‍යාඥයින් විශ්වාසය පළකර සිටි

එන්නතක් මගින් සිරුරට ඇතුලත් කරනු ලබන ප්‍රතිවෛරසය “තාපය පසු පස හඹා යන මිසයිලයක්” ලෙස පෙනහළු වල තැන්පතත්ව ඇති කොරෝනා වෛරස් අංශු සොයා ගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව ඇති බවද එම  විද්‍යාඥයින් සඳහන් කර සිටී .

ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ඩ් හි පිහිටි Griffith සරසවියේ මෙන්සියස් සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවෛරසය නිපදවා තිබෙ.

එන්නතක් මගින් ලබා දෙන මෙම ප්‍රතිවෛරසය ක්‍රියාත්මක වන්නේ 1990 දශකයේදී ඕස්ට්‍රේලියාවේදී ප්‍රථම වරට සොයා ගන්නා ලද gene-silencing නම් වෛද්‍ය තාක්‍ෂණය ඔස්සේය.

පෙනහළු තුළ ඇති කොවිඩ් වෛරසය සොයා ගෙන ගොස් එය අඩපණ කිරීමේ හැකියාවක් ඇති RNA අණු (Ribonucleic Acid) මෙම ප්‍රතිවෛරසය සඳහා යොදා ගනු ලැබේ.