ලෝකෙන්ම කොවිඩ් තුරන් කරන්න ඇමරිකාවෙන් සැලැස්මක්

ලෝකෙන්ම කොවිඩ් තුරන් කරන්න ඇමරිකාවෙන් සැලැස්මක්

කොවිඩ් 19 වසංගතය තුරන් කිරීම සඳහා පුලුල් එන්නත් කිරීමේ යාන්ත්‍රණයක් ලොව පුරා ක්‍රියාත්මක කිරීමට එක්සත් ජනපදයේ නිෂ්පාදිත එන්නත් මිලියන 80ක් රටවල් සමූහයකට ප්‍රධානය කිරීමට ජනාධිපති ජෝ බයිඩන්, කැමලා පරිපාලනය තීරණය කර තියෙනවා.

ජූනි මාසය අවසන් වෙද්දී එක්සත් ජනපද එන්නත් මිලියන 80ක් මුළු ලෝකයටම බෙදා හැරීම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙල ගැනත් ඉන් පළමු වැනි මාත්‍රා මිලියන 25 බෙදා හරින ආකාරය ගැනත් ජුනි 3 වැනිදා ධවල මන්දිරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

එක්සත් ජනපදයේ එන්නත් පරිත්‍යාග කිරීම හරහා එන්නත් නිපදවන අනෙකුත් රටවල්වලටද එලෙස කිරිමට අනුබල දෙන අතරම මෙම වසංගතය පමණක් නොව ඉදිරියට වර්ධනය වන වසංගත තත්ත්වයන්ට පවා මූණ දීමට ලෝකය සූදානම් කිරීම අභිලාෂය වී තියෙනවා.