ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය නම් කරයි

ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය නම් කරයි

ලොව ප්‍රකට “ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය නම්කර තිබෙනවා.

එහි ඉදිරියෙන්ම සිටින්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. ජපානයේ ඔසාකා නගරය දෙවැනි ස්ථානයේ පසුවෙනවා.

එම සඟරාව මගින් නගර 140ක් ස්ථාවරත්වය, යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අනුව ශ්‍රේණිගත කර තිබෙනවා .

නමුත් මෙවර ශ්‍රේණිගත කිරීම සඳහා කොවිඩ් වසංගත පාලනයට කළ කැපවීම සහ එහි සාර්ථකත්වය ද හේතු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එම හේතුවෙන් යුරෝපීය නගර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පහළ ට ගොස් ඇති අතර නවසීලන්තය, ජපානය සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්වල නගර ඉදිරියට පැමිණ තිබෙනු දැකිය හැකිය.